හෙට අනිද්දා ලීසිං සමාගම් මෙරට ගුවන් යානා ඉස්සිමේ සූදානමක්.

SriLankan Airlines Nimal Siripala De Silva
By Wayomi Feb 27, 2024 05:58 AM GMT
Report

තරගකාරිත්වයට අනුව කටයුතු කළ නොහැකි නම් ශ්‍රීලන්කන් ගුවන් සමාගම වසා දැමිය යුතු බවත්, රජයේ මුදල් යොදවා ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේ තේරුමක් නොමැති බවත්, ලීසිං ගෙවා ගැනීමට නොහැකිවීම නිසා හෙට අනිද්දා වනවිට ගුවන් යානා එකක් දෙකක් ලීසිං සමාගම් විසින් රැගෙන යනු ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් ගමන් ප්‍රමාදවීම සහ අවලංගුවීම සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ඊයේ (26 ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම අබලන් ගුවන් යානා සංඛ්‍යාව 10 ක් දක්වා අඩුකරන ලෙසද, ගුවන් වාර සංඛ්‍යාව අඩුකරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා ඊට දැඩි විරුද්ධත්වයක් දැක්වූ අතර අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ගුවන් සමාගමේ නියමුවන්, ඉංජිනේරුවන් වර්ජන කිරීම නිසා ගුවන් සමාගම නොමිලේ දුන්නත් නොගන්නා තත්ත්වයට ආයෝජකයන් පත්ව ඇති බවයි.