බදු වෙනුවෙන් නීති සංශෝධනය කෙරේ.
Government Of Sri Lanka
Value Added Tax (VAT)
By Wayomi
බදු අය කරගැනීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නෛතික ක්‍රියාවලියේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ,අනුව මෙම සාකච්ඡාවේදී රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම සඳහා කළයුතු නෛතික සංශෝධන සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.
එමෙන්ම බදු ගෙවිය යුතු බවට හඳුනාගෙන ඇති බදුහිමියන් පවා බදු ගෙවා නොමැති බව මෙහිදී අවධානයට ගෙන ඇති අතර පවතින නීති යටතේ වසර 15ක් බදු ගෙවීම පැහැර හැරිය හැකි බවද නිරීක්ෂණය කර තිබෙනවා.
මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ 2023.06.30 දිනට ලැබිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943ක් බවත්, විවිධ හේතු මත අය කරගැනීමට නොහැකිව පවතින මුදල රුපියල් බිලියන 767ක් බවත්ය.