දේශපාලකයන් ධනවතුන් වූ කාලේ ඉවරයි.? - මෙන්න මැතිවරණ කොමිසමෙන් ආ අලුත්ම ආරංචිය.

Election Commission of Sri Lanka Sri Lanka Politician
By Wayomi May 09, 2024 04:00 AM GMT
Report

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව රජයට මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි රාජ්‍ය නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පතට සඳහන් කර තිබුනේ.

මෙහිදී විමධ්‍යගත අයවැය යටතේ වෙන්කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ජූලි මස 31 වැනිදාට ප්‍රථම නිම කිරීමට පියවර ගන්නා ලෙස රජය, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් සංවර්ධන ව්‍යාපෘති එලෙස වේගවත් කිරීමෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී පාලක පක්ෂයට ඉන් වාසියක් ඇතිවන බවත් පෙන්වා දෙමින් ඒ සඳහා මැදිහත් වන ලෙස ලිපියක් යොමු කරමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.