ඔබත් තවම ගත්තේ නැද්ද..? බදු අංකය (TIN) ගැනීමේ අවසාන දිනය ගැන දැනුම්දීමක්..

Ranjith Siyambalapitiya Ministry of Finance Sri Lanka Economy of Sri Lanka Income Tax Department Value Added Tax​ (VAT)
By Sewvandhi Jan 12, 2024 01:27 PM GMT
Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, බදු ගෙවීම් හඳුනා ගැනීමේ අංකය ලබාගත යුතු අවසන් දිනය තවදුරටත් කල් යාමේ හැකියාවක් පවතින බවයි.

බදු ජාලය පුළුල් කර ගැනීමෙන් අනතුරුව අය කරන බදු ප්‍රමාණය අඩු කිරීමේ හැකියාව පවතින බවයි, එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා පවසන්නේ.

මේ අතර, TIN අංකය ලබාගැනීමට හැකි වන පරිදි තවත් ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, අනුව ඉදිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විට ඒ සමඟ බදු ලියාපදිංචි අංකය හෙවත් ටින් අංකය ලබාගැනීමට හැකි වනු ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ බදු සම්බන්ධ ක්‍රමවේදය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට එම පියවර ගන්නා බවයි.

මේ අතර විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් බදු ලිපි ගොනුවක් සකස් කර ගැනීමට දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගොස් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කර ටින් අංකය ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Sponsored By Sarrita Jewellery

ඔබත් තවම ගත්තේ නැද්ද..? බදු අංකය (TIN) ගැනීමේ අවසාන දිනය ගැන දැනුම්දීමක්.. | Last Day Of Getting Tax Identification Number