ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව කැබිනට්ටුවට

Sri Lanka Ceylon Electricity Board Minister of Energy and Power Kanchana Wijesekera
By Sewvandhi Sep 04, 2022 09:51 AM GMT
Report

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සැප්තැම්බර් මාසය අවසන්වීමට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අදාළ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවෙලක් ලබාදීමට පත් කරන ලද කමිටුවේ සාමාජිකයන් සමඟ අද (04) පෙරවරුවේ හමුවක් පැවති බවයි.

එම කමිටුව මේ වනවිට විවිධ සංවර්ධන ආයතන නියෝජිතයින්, දේශීය - විදේශීය විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා සිදුකර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මහජන උපයෝගීතා කොමිසම සමඟ එළඹෙන සතියේ එම කමිටුව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW