දිස්ත්‍රික්ක 10ක් සඳහා පනවා ඇති නායයෑමේ අවදානම දීර්ඝ කෙරේ.

Accident Landslide In Sri Lanka Weather
By Wayomi Dec 17, 2023 04:52 AM GMT
Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රිික්ක10ක් සඳහා පනවා ඇති නායයෑමේ අවදානම අද (17) පස්වරුව දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව බදුල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කළුතර දිස්ත්‍රික්වලට මෙම නායයෑමේ අවදානම නිකුත් කර ඇත.

දිස්ත්‍රික්ක 10ක් සඳහා පනවා ඇති නායයෑමේ අවදානම දීර්ඝ කෙරේ. | Landslide Risk Imposed For 10 Districts

එමෙන්ම උතුර පළාතට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 2,142කට අයත් පුද්ගලයින් 6,719 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මේ අතර ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කිරීම නිසා පහත් බිම් යටවීමෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් මේ වනවිට පවුල් 1,245කට අයත් පුද්ගලයින් 3,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද වාර්තා වෙනවා.