හිටපු අන්තරේ කැදවුම්කරු ලහිරුට ලැබුණු අධිකරණ නියෝගය..

By Sithumi Aug 25, 2022 04:54 PM GMT
Report

නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි වෙනසක තාරුණ්‍ය සංවිධානයේ සංවිධායක ළහිරු වීරසේකර මහතා අද(25) නීතිඥවරුන් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. 

ඔහුට වරෙන්තු නිකුත් කර තිබුණේ, 2017 වසරේ කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවකදී අයුතු ජනරාශියක සාමාජිකයෙකුව සිටි බව කියන සිද්ධියක් සම්බන්ධ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.

 අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුව ළහිරු වීරසේකර මහතාට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට  නියෝග කළා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්.