කුරුණෑගල ශික්ෂණ රෝහලේ බිහිසුණු තත්ත්වයක්. මරණ 05ක් වාර්තා වෙයි...

Kurunegala Ministry of Health Sri Lanka National Health Service
By Aruna Feb 24, 2024 07:23 AM GMT
Report

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක කර තිබූ රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ රුධිර කාන්දු ඒකකයට යම් විෂබීජයක් ඇතුළු වී රෝගීන් පිරිසක් මරණයට පත් වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සතියක පමණ සිට රුධිර කාන්දුකරණය සඳහා ඇතුළත්ව සිටි රෝගීන් මිය යාමට පටන්ගෙන ඇති අතර මේවනවිට රෝගීන් පස් දෙනකුට වැඩි පිරිසක් මරණයට පත්වී තිබෙනවා.

රෝහල් රසායන නිලධාරීන් සැක පල කරන්නේ මෙම මරණ සඳහා රුධිර කාන්දුකරණයට ලබා දෙන රසායනික ද්‍රව්‍යයක බලපෑමක් ඇති කරන බවයි.

රුධිර කාන්දුකරණයෙන් අනතුරුව රුධිර මට්ටම පහළ වැටීම හේතුවෙන් මෙම මරණ සිදුවන බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මේ සඳහා බලපා ඇති හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද (24) කුරුණෑගලට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.