කුඩු සලිදුගේ සහයිකාව අල්ලයි..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jan 14, 2023 09:24 AM GMT
Report

ඊයේ (13) මොරටුවැල්ල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

එනම්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මොරටුව කිලෝවියස් මාවත, මොරටුවැල්ල ප්‍රදේශයේ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 600 ක් හමුවී ඇති අතර දුරකථනයක් සහ රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද පොලීසිය සොයාගෙන ඇත.

පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම කාන්තාව, මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මේ වන විට විදේශගතව සිටින සලිඳු මල්ෂිත ගුණරත්න නොහොත් "පානදුර කුඩු සලිඳු" නැමැත්තාගේ සහයිකාවක් බවය. 

 සැකකාරිය පානදුර හා මොරටුව ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවන බව හෙළි වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now