කුඩු රොෂාන්ගේ කවුරුත් නුදුටු වස්තුව..

Nihal Talduwa Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation
By Sewvandhi Dec 28, 2023 05:51 PM GMT
Report

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කුඩු රොෂාන් නමැත්තාගේ රුපියල් කෝටි හතරකට අධික දේපොළ පොලිස් භාරයට ගෙන තිබේ. එනම් මොහු යුක්තිය මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට පත්වූවා.

වරකාපොල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් ඇතුළු පිරිසක් ඊයේ පොලිස් අත්අඩංගුවට ගත්තේය.

ඔවුන් නුවරඑළියේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී යුක්තිය මෙහෙයුම නැවත ආරම්භ කර ඇතැයි දැනගැනීමෙන් පසුව වරකාපොල හෝටලයක නැවතී සිට ඇති අතර ලැබුණු තොරතුරු මත පොලිසිය එම ස්ථානය වටලා තිබේ.

කුඩු රොෂාන්ගේ කවුරුත් නුදුටු වස්තුව.. | Kudu Roshan Propoties

ඉන්පසුව අදාල පිරිස සමග සුඛෝපභෝගී වෑන් රථයක් සහ මෝටර් රථයක් පොලිස් භාරයට ගැනුණි. ඉන්පසු සිදුකළ දීර්ඝ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස කුඩු රොෂාන් නැමැත්තාට අයත් රුපියල් කෝටි 4කට අධික දේපළ පොලිසිය විසින් අද සිය භාරයට ගනු ලැබ තිබේ.

ඒකල රජමාවත ප්‍රදේශයේ පිහිටි රජමල්වත්ත ටෙරස්හි සුඛෝපභෝගී නිවසක්, ජාඇල නිවන්දම ප්‍රදේශයේ පිහිටි නිවසක් සහ නවීන මෝටර් රථයක් ඒ අතරට අයත් වෙයි.

රජමාවත පිහිටි නිවාසය රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වටිනාකමින් යුතු වූ අතර නිවන්දම ප්‍රදේශයේ පිහිටි නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 100කි. එම නිවස කුඩු රොෂාන් නැමැත්තා ඔහුගේ සහෝදරයාගේ නමට මිලදීගෙන ඇති බව අනාවරණය වී ඇත.