රෝහලක් ඉදිරිපිට උණුසුම් වෙයි..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 10, 2023 03:54 PM GMT
Report

 මාතර කොටවිල රෝහල ඉදිරිපිටදී ඊයේ (09) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි. තරුණයෙක් මියයාමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත. 

මෙම තරුණයා මියගොස් තිබුණේ යතුරුපැදියක් මතට ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙනි. කෙසේවෙතත් විරෝධතාවයේ නිරත වූ පිරිස පැවසුවේ කොටවිල රෝහලේ නොසැලකිල්ල මෙම මරණයට හේතුවූ බවය.

ඔවුන් චෝදනා කරමින් පැවසුවේ ප්‍රථමයෙන් කොටවිල රෝහලට රැගෙන ආ තුවාල ලැබූ තරුණයාට ප්‍රකිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බවය.

එසේම රෝහල් බලධාරීන් විසින් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත රැගෙන යාමට ගිලන් රථයක් හෝ නොදුන් බවද විරෝධතාකරුවන් පවසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now