කොරියන් රැකියා සදහා සිහින දකින්නන් වෙනුවෙන් සුබ පණිවිඩයක්..
Manusha Nanayakkara
Sri Lanka
South Korea
By krishani
කොරියානු ධීවර ක්ෂේත්‍රයේ රැකියා 1047ක් මේ වසර තුළදී මෙරට ශ්‍රමිකයින්ට ලබා දෙන බවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට කාර්යාලය, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබෙනවා.
අමාත්‍යවරයා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කිරීමට සදහා ගිය අවස්ථාවේ දී එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා මෙම රැකියා අවස්ථා ලංකාවේ ශ්‍රමිකයින්ට ලබාදෙන බවට සහතික වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ සඳහාවන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඔක්තෝබර් මසදී පැවැත් වෙන අතර මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටි ශ්‍රමිකයින් සදහා ලබන වසරේදී වෙනත් ක්ෂේත්‍රයකින් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමටද කටයුතු කරනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |