ඔන්න ඉතින් හැමෝගෙම ඇග හිරිවැටෙන ආරංචිය.. මග බලාසිටි විභාගයක ප්‍රතිඵල එන්නයි යන්නේ..

Ministry of Education North Korea South Korea Education
By Sithumini Sep 06, 2024 12:58 PM GMT
Report

මේ වෙද්දි බොහෝ දෙනෙක් විදෙස් රැකියාවලට යොමු වෙලා ඉන්නවා.

ඒ අතරින්ත් කොරියානු භාෂා විභාගය කියන්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන විභාගයක්. බොහෝ දෙනෙක් පෙනීසිටින විභාගයක්.

ඉතින් මේ වෙනකොට එම විභාගයකට සහභාවි වූ සිසුන් මග බලාගෙන ඉන්නෙ ප්‍රතිඵල එන්නේ කවදාද කියලා. ඔන්න ඉතින් මේ මාසේ 9 වැනිදට එහි (9-1 Point System Examination) හි ප්‍රතිඵල එන්න නියමිත බව වාර්තා වෙනවා.

අද මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන් අතර එම කාර්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් එය ලබා ගත හැකි බව වාර්තා වනවා.