දකුණු අප්‍රිකානු දඟ පන්දු ක්‍රීඩක කේෂව් මහරාජ්ට හදිසි ආබාධ තත්ත්වයක් - ලෝක කුසලානය පවා අහිමි වීමේ අවදානමක්..

Cricket
By krishani Mar 12, 2023 07:06 AM GMT
Report

දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෙකු වන කේෂව් මහරාජ් තරගය අතරතුර දී ඇති වූ හදිසි ආබායක් හේතුවෙන් රෝහල්ගත කරනු ලැබීය.

ඒ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදි ඔහු  අනතුරට මුහුණ දී ඇත්තේ.

කොදෙව් පිලේ ක්‍රීඩක කයිල් මේයර්ස්ට පන්දුව යොමු කිරීමේ දී පාදයේ වලලුකරේ එකවර ඇති වූ වේදනාවක් හේතුවෙන් මහරාජ් පිටියෙහි ඇද වැටී ඇත.

පසුව ඔහුව රෝහල්ගත කිරීමට එරට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇති අතර මහාරාජ්ගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට යළිත් මාස 06ක කාලයක් සඳහා විවේක ගෙන ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවිය හැකි බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් පරිපාලනය සඳහන් කළේ ය.

කෙසේවෙතත්r, වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද ස්කෑන් පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ මහරාජ්ගේ වළලුකර අස්ථියක් සම්පූර්ණයෙන්ම පුපුරා ගොස් ඇති බව ය.

මේ හේතුවෙන් කේෂාව් මහරාජ් හට එළඹෙන 2023 එක්දින ලෝක කුසලානය පවා අහිමි වීමේ අවදානමක් මතු වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.