මෙහෙම දෙයක් අත්තා මුත්තා කාලෙවත් අහලා තියෙනව ද?. ලංකාවේ ළිඳකින් එකපාරම භූමිතෙල් උනලා.. (PHOTOS)

Sri Lanka Police Mullaitivu Sri Lanka Police Investigation Latest Headlines
By krishani Jan 08, 2024 07:01 AM GMT
Report

මුලතිව් - වොඩියාර්කට්ටු කුරුවි ගම්මානයේ ළිඳකින් භූමිතෙල් හමුවීමට පටන් ගෙන තිබෙනවා.

මෙහෙම දෙයක් අත්තා මුත්තා කාලෙවත් අහලා තියෙනව ද?. ලංකාවේ ළිඳකින් එකපාරම භූමිතෙල් උනලා.. (PHOTOS) | Kerosene From A Well In A Mullaitivu Village

ඒ හේතුවෙන් ඊයේ (07) පුදුකුඩීඉරිප්පු පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් එම ප්‍රදේශයට ගොස් ඇත.

ඒ පරීක්ෂණ ආරම්හ කිරිමටයි.

පැවති අධික වර්ෂාවෙන් අනතුරුව එම ළිඳ අයිති හිමියා විසින් එම ළිඳ සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කර තිබෙනවා.

පසුව එම ළිඳට අළුතින් එකතු වෙන ජලයේ යම්කිසි වෙනසක් ඔහු විසින් දැක ඇත.

ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වූ ඔහුට දැනගන්නට හැකි වී ඇත්තේ එම ජලයෙන් භූමිතෙල් සුවඳක් වහනය වන බවයි.

මෙහෙම දෙයක් අත්තා මුත්තා කාලෙවත් අහලා තියෙනව ද?. ලංකාවේ ළිඳකින් එකපාරම භූමිතෙල් උනලා.. (PHOTOS) | Kerosene From A Well In A Mullaitivu Village

අනතුරුව එම ජලයෙන් කඩදාසියක් පොඟවා ගින්නට ලන් කළ විට ඉතා ක්ෂණිකව ගිණි ගන්නා බව ඔහු නිරීක්ෂණය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ඔහු වසමේ ග්‍රාම නිලධාරීවරයා හරහා පුදුකුඩීඉරිප්පු පොලිසිය දැනුවත් කර ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

කෙසේ වෙතත්, කිසියම් ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ටැංකියක සිදුව ඇති හානියක් නිසා එහි කාන්දුවකින් මෙම ළිඳෙහි ජලයට භූමිතෙල් මිශ්‍ර වන්නට ඇති බව පොලිසිය සැක කරයි.

එමෙන්ම, ළිඳෙන් ජලය හෝ භූමිතෙල් ලබා ගැනීම ද තාවකාලිකව තහනම් කර තිබෙනවා.

ඒ අනතුරුදායක බැවින් ය.

Sponsored By Sarrita Jewellery

මෙහෙම දෙයක් අත්තා මුත්තා කාලෙවත් අහලා තියෙනව ද?. ලංකාවේ ළිඳකින් එකපාරම භූමිතෙල් උනලා.. (PHOTOS) | Kerosene From A Well In A Mullaitivu Village