වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරෙන්, ළමුන් ඇතුළු 12 දෙනෙකු රෝහලේ

Kegalle Sri Lanka Accident
By Sewvandhi Jan 01, 2023 10:10 AM GMT
Report

වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන්, කොළඹ - නුවර මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථ දෙකෙහි ගමන්කළ කුඩා ළමුන් තිදෙනකු ඇතුළු 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ .

පොලීසිය පවසන්නේ තුවාල ලැබූ පිරිස අතර සිටින එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවය.

කොළඹ සිට දෙල්තොට දක්වා ධාවනය වූ වෑන් රථයක් සහ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

කෑගල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now