ඉන්ධන සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Jun 26, 2022 05:08 AM GMT
Report

ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ (25) ඔහු ප්‍රකාශ කළේ ඉන්ධන නෞකාවක් පැමිණෙන දිනයක් පිළිබඳ ඛනිජ තෙල් නීතීගත සංස්ථාව දැනුම්දී නොමැති බවයි.

ඒ අනුව රටෙහි මේ වන විට සියලුම වර්ගවල ඉන්ධන තොග ප්‍රමාණවත්ව නොමැති අතර පොදු ප්‍රවාහනය, බල ශක්ති උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය ලබාදී පවතින ඉන්ධන තොග බෙදාහරින බවත් කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම තත්ත්වය මත ඉන්ධන පෝලිම්වල රැදී සීටීමෙන් වළකින ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර බොරතෙල් නොමැති වීම නිසා පිරිපහදු කටයුතු ද අත්හිටුවා තිබේ.‍


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join