බලශක්ති අමාත්‍යවරයා සමාව ඉල්ලයි..

Sri Lanka Kanchana Wijesekera
By krishani Jun 25, 2022 03:54 AM GMT
Report

මෙරටට ළඟා වීමට නියමිතව තිබුණ පෙට්‍රල් නෞකාව පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී ඇති බවත් නෞකාව පැමිණෙන දිනය පසුව දැනුම් දෙන බවත්  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

අදාළ පෙට්‍රල් නෞකාව ප්‍රමාදවීම සහ නෞකාව පැමිණෙන දිනය යාවත්කාලීන කරමින් පසුගියදා සිදුකළ ප්‍රකාශය ගැන තමන් සමාව අයැද සිටින බව බලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය 23 වනදා මෙරටට පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක් රැගත් නෞකාව ළඟාවීමට නියමිතව තිබුණු අතර පසුව එම නෞකාව දිනයකින් ප්‍රමාද වන බවට කංචන විජේසේකර අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join