නොරොච්චෝල බලාගාරයේ බිඳවැටීමක්..

Kanchana Wijesekera
By krishani දින 6 කට පෙර
Report

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එලෙස අක්‍රිය වී ඇත්තේ අප්‍රේල් මාසයේ දී අලුත්වැඩියා කිරීමට නියමිතව තිබූ ජනන යන්ත්‍රයක් බව ඔහු සඳහන් කළේ ය.

කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට පවතින ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන බවත් විදුලිබලාගාර හරහා අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.