ඉන්ධන පෝලිම් ඇති වීමට හේතුව බලශක්ති ඇමති හෙළි කරයි..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By krishani
බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මඟින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාදවීම වැනි හේතු මුල්කරගෙන මේ වනවිට දිගු ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
ඉන්ධන බෙදා හැරීම සමාලෝචනය කර ඉදිරි දින 03 තුළ දිවයින පුරා අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට කටයුතු කරන ලෙස ඒ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන අතර ඉදිරි දින දෙක තුළ දී එම ඉන්ධන පෝලිම් අඩු කිරීමට සැලසුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |