QR ක්‍රමය ගැන බලශක්ති ඇමතිගෙන් පණිවුඩයක්...ඉදිරි මාස 12 ගැනත් කියයි..
ඉදිරි මාස 12දි අපිට අභියෝගයක් තියෙනවා QR ක්‍රමවේදය පවතින ඉන්ධන අර්බුදයට නිශ්චිත විසඳුමක් නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ප්‍රධාන රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමිනි.
අමාත්‍යවරයා එහිදී සදහන් කළේ, රටේ මූල්‍ය හැකියාව මත ඉන්ධන ආනයනය කිරීමට සිදුවීම තුළ එය මනා කළමනාකරණයකින් යුතුව පාරිභෝගිකයාට බෙදාහැරීම සදහා අදාළ ක්‍රමවේදය ක්‍රියාවට නැංවූ බවයි.
මහ බැංකුව හරහා ඉන්ධන ලබාගැනීම සදහා වෙන්වන මුදල් ප්‍රමාණය මත ඉන්ධන බෙදාහැරීමේ පරාසය තීරණය වන බව ද එහිදී බලශක්ති අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ, ඉදිරි මාස 12 අභියෝගාත්මක බවයි.
“මම මාස 4ක පමණ කාලයක් අප්‍රේල් මාසයේ 18 වෙනිදා ඉඳලා මේ විෂයභාර අමාත්‍යවරයා හැටියට මට ඒ වගකීම ලැබුණට පස්සේ මහ බැංකුව, මුදල් අමාත්‍යංශය, අපේ ආයතන මේ විවිධ පුද්ගලයින් එක්ක කරපු සාකච්ඡාවලදී අපිට වැටහිච්ච දේ තමයි.
ඉදිරි මාස 12 සඳහා අපිට යම් අභියෝගයක් තියෙනවා කියන එක.
මූල්‍ය හැකියාව මත තමයි අපිට ඉන්ධන ආනයනය කරන්න පුළුවන්කම තියෙන්නේ.
ඒ නිසා අපි ඒකට ගැලපෙන වැඩපිළිවෙලක් නිර්මාණය කළා මිස මේක සම්පූර්ණ සියයට සීයක් විසඳුමක් හැටියට මම දකින්නේ නෑ.” අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය අපි දන්නවා.
මොකද අපිට මහ බැංකුව කියනවා නේ අපිට දෙන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරද කියලා දෙසැම්බර් මාසය වෙනකල්.
ඒ දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි අපි ආනයනය කරන්නේ.
අපිට තියෙන ප්‍රමාණය කළමනාකරණය කරලා දෙන එක තමයි QR ක්‍රමවේදයෙන් කරන්නේ.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |