බලශක්ති ඇමති කාන්චනගෙන් සුභ ආරංචියක්
Sri Lanka
Minister of Energy and Power
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඉදිරි දින දෙක තුළ තවත් ඩීසල් තොගයක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මීට අමතරව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ද ලබන 27 සහ 29 යන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ. අදාළ නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,000ක තොගයක් පවතින බව වාර්තා වේ.
මේ අතර දිවයිනට පැමිණි සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවේ ගොඩබෑම් කටයුතු අද (25) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video
හර්ෂ ද සිල්වාගෙන් විශේෂ ප්‍රකාශයක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |