ඉන්ධන කෝටාව වැඩි කිරිම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ නිවේදනයක්..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Aug 23, 2022 08:48 AM GMT
Report

හඳුනාගත් ක්ෂේත්‍රයක් සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා QR ක්‍රමවේදය පිළිබඳව අද (23) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී පැවසීය.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් මෙම ඉන්ධන කෝටාව වැඩි කිරීමට නියමිත අතර පසුගිය සති 03ක දත්ත සංසන්දනය කිරීමේදී රථවාහන ලියාපදංචිය සහ ඉන්ධන ලබාගත් සංඛ්‍යාව වැඩි වී තිබුණ ද ඉන්ධන භාවිතයේ අඩුවක් පෙන්නුම් කරන බව ද මෙහිදී නිරීක්ෂණය කර තිබේ.

තවද QR ක්‍රමවේදය තුළින් ලබාදීමට අපේක්ෂා කරන වැඩිදියුණු කිරීම් කඩිනමින් කිරීමට ද මෙහිදී අවධානය යොමුකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join