ඉන්ධන සම්බන්ධව බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
තව දින 10කට ඩීසල් සහ දින 14කට පෙට්‍රල් රට තුළ තිබෙන බව විදුලි බල සහ බලශක්ති ඇමැති කාන්චන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
නමුත් රට තුල මේ වන විට පවතින්නේ, ඉන්ධන බෙදාහැරීමේ ගැටලුවක් බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයකට පිලිතුරු දෙමිනුයි, බලශක්ති අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, රට තුළ පවතින ඉන්ධන හිඟය මේ වනවිට ක්‍රමයෙන් මග හැරෙමින් යන බවයි.
කෙසේවෙතත්, තවමත් ඉන්ධන ප්‍රවාහන කටයුතුවල ගැටලුසහගත තත්ත්වයන් ඇති බව ඔහු පිළිගත්තා.
මේ අතර ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ, අද දිනයේ දී ඔවුන් ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වන බවයි.
මේ වනවිට රට පුරා උද්ගත වී ඇති අනාරක්ෂිත තත්ත්වය පහව ගිය පසු සිය ප්‍රවාහන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම සංගමය ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.
සිය බවුසර සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා දෙන්නේ නම්, ප්‍රවාහන කටයුතු අඛණ්ඩව සිදු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |