පැමිණි ඩිසල් නැව් හා බෙදාහැරීම් කටයුතු ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sithumi Aug 25, 2022 02:30 PM GMT
Report

බැංකු නිෂ්කාෂණ කටයුතු හේතුවෙන් ගොඩබෑම පමා වූ සුපර් ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මීට අමතරව තවත් ඔටෝ ඩීසල් නෞකාවක් අද රාත්‍රියේ මෙරටට ලගාවන අතර එහි ගොඩබෑමේ කටයුතු හෙට ආරම්භ කෙරෙනවා.

බෙදාහැරීම් මෙහෙයුම් වෙනුවෙන් ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ මෙහෙයුම් අද රාත්‍රියේ අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර අනුමැතියකින් සහ මාර්ගෝපදේශවලට අනුකූල නොවන පරිදි ඉන්ධන ගබඩා ටැංකි පිහිටුවා ඇති ස්ථානවලට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තෙල් බෙදාහැරීමක් සිදු නොකරන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

මේ අතර ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා සදහන් කළේ මුතුරාජවෙල පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම ඊයේ සිට තාවකාලිකව නතර කර ඇති බවයි. ඩීසල් බෙදා හැරීම සීමා වීම නිසා පෞද්ගලික බස් රථ හිමියන් අද ප්‍රකාශ කළේ හෙට සිට සියයට 50කින් බස් රථ ධාවනය අඩුවනු ඇති බවයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now