ප්‍රසිද්ධ තරු හෝටලයේ මළ සිරුරක්

Sri Lanka Police Kalutara Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jan 09, 2024 11:47 AM GMT
Report

කළුතර උතුර පොලීසිය පවසන්නේ, කළුතර ප්‍රසිද්ධ තරු පන්තියේ සංචාරක හෝටල් කාමරයක් තුළ අද (09) අලුයම අමෙරිකානු ජාතික සංචාරකයෙකු මියගොස් ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ 67 හැවිරිදි පුද්ගලයකු බවද පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පවසන්නේ, හෝටල් කළමනාකාරීත්වය විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු හෝටලයේ අංක 324 දරන කාමරයේ මියගොස් සිටි ඔහුගේ සිරුර හමුවූ බවයි.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ආර්. ඒ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන්පුර ඉන්ද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් ද අදාළ සිදුවීම ගැන පරීක්ෂණ පැවැත්වේ.

Sponsored By Sarrita Jewellery

ප්‍රසිද්ධ තරු හෝටලයේ මළ සිරුරක් | Kalutara Five Star Hotel Dead Body