කෝටිපති ව්‍යාපාරික මාමා ගේ සුඛෝපභෝගී මෝටර් රථයට යට වූ, අවුරුදු එක හමාරක පුංචි මල් කැකුළ..

Sri Lanka Accident
By Sewvandhi Feb 17, 2023 12:52 PM GMT
Report

කොහුවල පොලීසිය සදහන් කරන්නේ, කෝටිපති ව්‍යාපාරික මාමා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට යටවීමෙන් වයස අවුරුදු එකහමාරක දැරියක් මියගොස් ඇති බවය. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොහුවල කලුබෝවිල පී. රූබන් පීරිස් මාවතේ පදිංචිව සිටි සුවයිරා මොහොමඩ් මුස්තාක් නම් දැරියකි.

මෝටර් රථය පැදවූ දැරියගේ මවගේ සහෝදරයා වන 28 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් බාරයට ගෙන ඇත. සැකකරු ඊයේ (16) දහවල් ආගමික වතාවත්වල යෙදීම සඳහා නිවසින් පිටවීයාමට සූදානම් ව මෝටර් රථය නිවස ඉදිරිපිට ගරාජයෙන් පිටතට ගැනීමේ දී මෝටර් රථයේ ඉදිරිපසට පැමිණි දැරියව බෆරයට සහ පොළවට තෙරපීමෙන් අනතුර සිදුවී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණි.

අනතුර සියැසින් දුටු නිවසට පැමිණ යතුරුපැදියකින් පිටවීමට ගිය පුද්ගලයෙකු ඒ බව සැකකාර රියදුරුට දැනුම්දීමත් සමග ඔහු මෝටර් රථය ආපස්සට ගෙන ඇති අතර නැවතත් දැරියව මෝටර් රථයේ බෆරයට සහ පොළොව අතර තෙරපී ඇතැයි පොලීසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ නිවැසියන් දැරියව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (17) අලුයම ඇය මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය. අනතුර සිදුවන ආකාරය නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ මනාව සටහන්ව ඇතැයි ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

 අනතුර සිදුවූ ස්ථානයේ කිසිදු ලේ පැල්ලමක් දක්නට නැතැයි පොලීසිය කියයි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය මූලික පරීක්ෂණ සිදුකර මෝටර් රථය පොලිස් බාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now