පතලක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට - තවත් අයෙකුට තුවාල ..

Colombo Sri Lanka Accident
By Sewvandhi Jul 24, 2022 10:42 AM GMT
Report

කහවත්ත නාවලකන්ද ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අඩි 40 පමණ ගැඹුරු මෙම පතලේ දෙදෙනකු වැඩ කරමින් සිටිය දී එය කඩා වැටී ඇති අතර එක් අයකු දැඩි පරිශ්‍රමයක් දරා ගොඩ ගෙන රෝහලට රැගෙන ගොස් ඇත.

අනෙක් පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now