දැරියකට මරු කැඳවූ බිහිසුණු අනතුර.

Sri Lanka Accident
By Sithumi May 05, 2023 10:06 AM GMT
Report

මව සහ දරුවන් දෙදෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් එක් දියණියක් මියගිය පුවතක් වාර්තා වනවා.

එනම්, කහටගස්දිගිලිය කුඩා පට්ටිය හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 12 හැවිරිදි දැරියක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

පොලීසිය සඳහන් කළේ, දැරියගේ මව විසින් ධාවනය කළ යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි. ප්‍රදේශයේ පාසලක පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව අදාළ කාන්තාව තම දැරියන් දෙදෙනා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබේ.

අනතුරින් තුවාල ලැබූ මව සහ දැරියන් දෙදෙනා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් දැරියක් මියගොස් ඇති බව වාර්තා වෙයි. අනතුර සිදුවන අවස්ථාවේ දැරියන් දෙදෙනා ආරක්ෂක හිස්වැසුම් පැළඳ නොසිටි බවද පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ

එමෙන්ම, කජුගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 23දෙනෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කජුගම ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now