මහජන ආරක්ෂක ඇමතිගෙන් කාදිනල්තුමාට යවපු විශේශ ලිපිය

By Sithumi Apr 22, 2022 12:45 PM GMT
Report

පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කුකුසක් තිබේ නම් අගරදගුරුතුමා හමුවී ඒ ගැන සාකච්ඡා කිරීමටද සූදානම් බව ඔහු සඳහන් කළේය.