ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල් කාන්ත CIDයට..
                                    
                    CID - Sri Lanka Police
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Janatha Vimukthi Peramuna
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    අද (16) දින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
පසුගිය මාර්තු මස පළාත් පාලන මැතිවරණය කැඳවූ අවස්ථාවේ වෘත්තීය සමිති අඥා පනත උල්ලංගනය කරමින් කටයුතු කළ බවට ලද පැමිණිල්ලකට අදාළව ඔහුගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව කැඳවා ඇත.
එම අවස්ථාවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ නමුත් මැතිවරණ කටයුතු වලට සහභාගීවීමට අවශ්‍ය බව පවසා වෙනත් දිනයක් ඉල්ලා තිබිණ.
ඒ අනුව අද දින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන්නේ.
Sponsored By Sarrita Jewellery
                
                
    