ජෙයරාජ් ඇතුළු 16 දෙනෙකු ඝාතනයේ සැකකරුවන් නිදොස් කොට නිදහස්..!

Gampaha Sri Lanka LTTE Leader
By Sewvandhi Sep 01, 2022 06:56 AM GMT
Report

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ. ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා විසින් අද (01) නඩුව කැඳවූ අවස්ථාවේදී එම තීන්දුව ලබාදී ඇත.

එලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් සහ සෙනරත් ලක්ෂමන් කුරේ නැමැති සැකකරුවන් දෙදෙනාය.

2008 වර්ෂයේ අප්‍රේල් මස 6 වෙනිදා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් 84 දෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම, එම ඝාතන කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 31ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු කොටි සාමාජිකයකු වන සෙල්වරාජා තිරුබාකරන් ගම්පහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

අදාළ චෝදනා සලකා බැලූ ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා විසින් එම සැකකරුවන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW