අලින්ට ලැබුණු අධිකරණ ආරක්ෂාව.

Elephant Bangladesh
By Wayomi Feb 26, 2024 04:09 AM GMT
Report

බංග්ලාදේශයේ දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වන අලි හදාවඩා ගැනීම තහනම් කරමින් සහ සූරාකෑමෙන් ආරක්ෂා කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අලි හදා වඩා ගැනීමේ සියලු‍ම බලපත්‍ර මහාධිකරණය විසින් තහනම් කර ඇති අතර ඒ අනුව එම සතුන් තවදුරටත් අල්ලා වහල්භාවයට ගැනීමට නොහැකි වනු ඇති.

බංග්ලාදේශය මීට පෙර ආසියානු අලින්ගේ ප්‍රධාන නිවහනක් වූ නමුත් මේ වනවිට සිටින්නේ අලි ඇතුන් 200ක් පමණයි.

ඉන් අඩක් පමණ මිනිසුන් අල්ලාගෙන ඇති අතර, එම සතුන් සිඟමන් යැදීම, සර්කස් හෝ වීදි සංදර්ශන සඳහා යොදාගෙන ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.  


MAY YOU LIKE >