ජෝන්ස්ටන්ට යළිත් ඇප..!
Parliament of Sri Lanka
Johnston Fernando
Sri Lanka Politician
Sri Lanka
By Sewvandhi
ගෝ ගම්මාන අරගලවලට පහරදීමේ සිද්ධියේ 28වන සැකකරු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නව ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියමකළේය.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝගකළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාකළ යුතු බවට නියෝග කළේය.
ඇපකරුවන් තමන්ගේ පදිංචියේ හා වත්කම් පිළිබඳ සහතික අධිකරණයට ඉදිරිපත්කළ යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |