රට රැකියාවකට හීන දැක්ක ද?. ශ්‍රී ලාංකිකයන්ට ලැබුණ විශේෂ වරම..

Israel Job Opportunity Latest Headlines Decision Making
By krishani May 04, 2024 02:54 PM GMT
Report

2024 වසරේ මුල් මාස 4 තුළ දී ශ්‍රී ලාංකිකයින් 2771 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

රට රැකියාවකට හීන දැක්ක ද?. ශ්‍රී ලාංකිකයන්ට ලැබුණ විශේෂ වරම.. | Job Opportunities In Israel

ඒ ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායලය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව වේ.

ඒ අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා, කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රවලට අදාළව මෙම රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

සාත්තු සේවා වෘත්තිය සඳහා ලාංකිකයින් 409 ක් ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 804 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා 1558 දෙනෙකු ද මෙරටින් පිටව ගොස් ඇත.

රජය ගත්ත විප්ලවීය පියවර - ජනතාවටයි මේ සුබ ආරංචිය..

රජය ගත්ත විප්ලවීය පියවර - ජනතාවටයි මේ සුබ ආරංචිය..


කෙසේ වෙතත්, මෙයට අමතරව මැයි මාසයේ මුල් සති දෙක තුළ තවත් ලාංකිකයින් 172 කු ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතයි.