ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් තරුවක් ටෙස්ට් පිටියට සමුදීමට සුදානමක්..!!

Cricket England Cricket Team England ICC Men
By Piyumika May 11, 2024 06:31 AM GMT
Report

එංගලන්තෙ ක්‍රිකට් කණ්ඩායමෙහි සුපිරි වේග පන්දු යවන්නා වන ජිමී ඇන්ඩර්සන් තම ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන බව වාර්තා වේ.

42 හැවිරි දිවියේ පසුවන ඔහු 2003 වසරේ දී ටෙස්ට් වරම් ලබාගත් අතර, ටෙස්ට් තරග 187කදී කඩුලු 700කට ළඟා වූ ඔහු එම සීමාව පසු කළ ලොව තෙවැනියාද වේ.

T20 world cup එකට ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් වුනු හැටි මෙන්න.(PHOTOS)

T20 world cup එකට ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් වුනු හැටි මෙන්න.(PHOTOS)


විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එළඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත පිළ නියෝජනයට නවක තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය ගෙන ඇති බවත්, ඒ පිළිබඳව ඇන්ඩර්සන්ට පුද්ගලිකව දැනුම්දී ඇති බවත්, එංගලන්ත පුහුණුකරුවන බෙන්ඩන් මැකලම් පවසා ඇති බවයි.

එළඹෙන අගෝස්තු මස අගදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ඔහුට ගෞරවනීය සමු ගැනීමක් ලබා ගැනීමට හැකි තරගාවලියක් වනු ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.