දේවගැති ජෙරම්ගේ පෙත්සමට අද සිදු වූ දේ..

Sri Lanka Sri Lanka Magistrate Court
By krishani Jun 05, 2023 07:18 AM GMT
Report

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීය.

ඒ එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ දී ය.

එහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු දැක්වීමට අවස්ථාව අයැද සිටියේ ය.

එහිදී ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න එයට විරෝධය පළකළේ ය.

ඒ හේතුවෙන් අධිකරණය කරුණු විමසීම සුළු වෙලාවකට කල් තබනු ලැබී ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join