අත්අඩංගුවට ගත් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි පොලිස් භාරයෙන් පැනයයි - ඔහු සොයා දැවැන්ත මෙහෙයුම්..(VIDEO)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශීෂ්‍ය බලමණ්ඩලය ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි පොලිස් භාරයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට පොලිසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
මේ අතර එම විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් 16 දෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේ තෙනමක්ද සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැසුවේ වරෙන්තු මත සිටින අන්තර් විශ්ව විද්‍යයලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අදාල විරෝධතාව අතරතුරදී තවත් අයෙක් සමග යතුරු පැදියකින් පලායමින් සිටියදී පිටකොටුව ගෑස්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.
ඔහු සමග යතුරු පැදියේ ගමන් කරමින් සිටි අනෙක් පුද්ගලයාව ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර අදාළ අත්අඩංගුවට ගැනීම්වලට විරෝධය පලකරමින් ඊයේ රාත්‍රියේ කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක් ද පැවැත් වුණි.
ඊයේ ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාව පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |