"ජන පීඩක ආණ්ඩුව පන්නමු" ජාතික ජන බලවේගයත් ආණ්ඩුවට එරෙහිව පාරට බසී..(PHOTOS)
"ජන පීඩක ආණ්ඩුව පන්නමු" යන මැයෙන් ජාතික ජන බලවේගය වත්මන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ විරෝධතා පාගමන අද (17) පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භ වුණි.
බේරුවල නගරයෙන් ආරම්භ කළ එම විරෝධතා පාගමන ලබන 19 වන දින කොළඹ පුරහල ප්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතය.
විරෝධතා පාගමනට එක්වෙමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා,
"දැන් අප කළයුතු වන්නේ විරෝධයෙන් එහාට ගිහිල්ලා මේ රටේ ආර්ථීක සංවර්ධනයක් නීතියේ විධානයේ ආධිපත්‍යයක්, වංචාවෙන් දුෂණයෙන් තොර ආණ්ඩුවක්, වංචාවෙන් දුෂණයෙන් ඇති දේපළ පවරාගන්නා ආණ්ඩුවකුත්, වංචනිකයන්ට දුෂිතයින්ට දඬුවම් දෙන ආණ්ඩුවකුත් අප ගොඩනඟා ගතයුතුයි. ජාතික ජනබලවේගය ඒ සඳහා පුළුල්තම වේදිකාව හදලා තියෙනවා.
ඒ සඳහා අවශ්‍ය ජනතා පෙළගැස්ම වෙනුවෙන් තමයි අද දින අපි මේ පා ගමන ලෑස්ති කරලා තියෙන්නේ. උගන්ඩාවල ද, සීෂේල්ස්වලද, ලොස්ඇන්ජලිස්වලද, බ්‍රාවුන්සිල්වලද, මැදුමූලනේද, කොල්ලුපිටියේද මහජනයාගේ ධනය හොරා කාපු ඔක්කෝම පවරා ගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කාට ද? ඒක කරන්න පුළුවන් දූෂණයට සම්බන්ධ නොවුණු දූෂිත නොවුණු ව්‍යාපාරයකට පමණයි."
ප්‍රශ්නය - ආණ්ඩුව කියන තවත් චෝදනාවක් තමයි ආණ්ඩුවට විරුද්ධ සියලු කුමන්ත්‍රවල පිටුපසින් සිටින්නේ ජාතික ජනබලවේගය කියලා?
"අපි පිටුපසින් නෙමේ... මේ ඉදිරියෙන්ම ඉන්නවා. ඇයි අපි පිටිපස්සෙන් සිටින්නේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |



