ඉන්දියාව සහ ජපානය තීරණාත්මක සාකච්ඡාවකට..
Japan
India
By krishani
ඉන්දියාව සමග පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡා වටයක් සදහා ජපානය සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ දෙරට අතර පැවැත්වෙන two plus two ද්විපාර්ශවික සාකච්ඡා වටය සදහා ජපානය එලෙස සූදානම් වේ.
එම සාකච්ඡා වටය එළඹෙන සැප්තැම්බර් මස මුලදී ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ජපානයේ සහ ඉන්දියාවේ විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යවරුන් ඒ සදහා සහභාගී වේ.
මීට පෙර ඉන්දියාව සහ ජපානය two – plus – two සාකච්ඡා වටයක් සදහා එක්ව තිබුනේ ඉකුත් 2019 වසරේදී වන අතර එහිදී දෙරට විසින් ඒකාබද්ධ යුද අභ්‍යාස සදහා ඒකාබද්ධ සම්මුතියකට ද එළඹිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |