නව වසර ලැබීමත් සමග 50ක් රෝහලේ
Sri Lanka
Colombo National Hospital
Accident
By Sithumi
2023 නව වසරේ ඇරඹුමත් සමග සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට මේ දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා වන බවයි.
එහිදී ගිනිකෙළි හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ද රෝහල් ගතකර තිබේ.
ඊට අමතරව ගැටුම් සහ රිය අනතුරු ඇතුළු විවිධ අනතුරු වලින් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව කොළඹ ජාතික රෝහල සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |