ජනවාරි 16 දේශපාලනයේ ලොකු පුටුවක වෙනසක්..මහින්දගේ ලඟම ඥාතියෙක් කියයි..
Basil Rajapaksa
Mahinda Rajapaksa
Presidential Secretariat of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Politician
By Aruna
එළඹෙන 16 වැනි දා වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉවත් කොට, එම තනතුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පත් කිරීමට සූදානමක් ඇති බව රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන උදයංග වීරතුංග මහතා අවධාරණය කර සිටිනවා.
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බවයි, යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
එමෙන්ම සමන් ඒකනායක මහතාහට මන්ත්‍රීවරුන් විරුද්ධවී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර එම සම්මුඛ සාකච්ඡාවේ දී වීරතුංග මහතා පවසා ඇත්තේ, ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් මහ මැතිවරණය පවත්වන්න බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කැමති කරගෙන ඇති බවයි.