අපේ ලිංගික දර්ශන පෙන්නලා තමන් බැක්මේල් කරන්න උත්සාහ කලා’..වීඩියෝ පට දෙකක් ලීක් කරල..(VIDEO)
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් අල්ලස් හෝ දුෂණ කොමිසමේ නිලධාරීන් වෙත අල්ලස් ලබා දුන් බවට චෝදනා චෝදනාවක් එල්ල වී තිබෙනවා.
ජනක රත්නායක මහතාගේ හිටපු පුද්ගලික සහකාරවරිය යයි කියන ගයාත‍්‍රි බිම්බා නැමැත්තිය විසින් අන්තර්ජාල නාලිකාවකදී මේ බව හෙලිකර ඇති බවයි පැවසෙන්නේ.
සත්‍ය වසන් කරමින් අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන් ට මෙසේ අල්ලස් ලබා දුන් බවටයි ඇය චෝදනා එල්ල කර සිටින්නේ.
තමන්ද ජනක රත්නායක මහතාගේ බලපෑම මත අල්ලස් කොමිසමට ව්‍යාජ සාක්ෂි ලබා දුන් බවත් ඒ සඳහා පැවැති බිය දුරු කිරීමට සාක්ෂි ලබාදීමට පෙර එහි නිලධාරියකු ජනක රත්නායක මහතාගේ කාර්යාලයට පැමිණ ඒ සඳහා පුහුණුවක් ලබා දුන් බවද ඇය විසින්ම එහිදී හෙළිකර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවර ගන්නා ලෙස, අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියි.
‘අපේ ලිංගික දර්ශන පෙන්නලා තමන් බැක්මේල් කරන්න උත්සාහ කලා’ යයිද ඇය එහිදී බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ.