25 තරුණයාගෙන් 49යේ කාන්තාවට ලැබුණු අමුතුම වැලන්ටයින් තෑග්ග - සැමරුම පොලිසියෙන් කෙළවර වෙයි..

Police spokesman Sri Lanka Police Jaffna Sri Lanka Police Investigation Crime
By Sewvandhi Feb 22, 2024 03:00 PM GMT
Report

කන්කසන්තුරේ පොලීසිය විසින් ,අනියම් ඇසුරක් පවත්වා ගෙන යන කාන්තාවකට වැලන්ටයින් දිනයේදී තෑගි කිරීම සදහා යාපනයේ නිවසකින් රත්තරන් පවුම් 29ක ස්වර්ණාභරණ සොරකම් කළ තරුණයෙකු හා තෑගි වශයෙන් ඒවා ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙලස අත්අඩංගුවට ගත් තරුණයා අවුරුදු 25 හැවිරිදිවියේ පසු වන අතර කාන්තාව වයස අවුරුදු 49 ක් බවයි.

එනම් මෙහිදී, අනියම් පෙම් සබදතාවයක් පවත්වා ගෙන ගිය තරුණයා විසින් ලබා දුන් ස්වර්ණාභරණ වලින් අදාල කාන්තාව පවුම් හතරක රන් මාලයක් යාපනය නගරයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට උකස් තැබීමට ගිය අවස්ථාවේදී වෙළදසැල් හිමියාට ඇති වූ සැකයක් මත පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව පොලීසිය පැමිණ කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය සියල්ල පොලිසියට පවසා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, රන් භාණ්ඩ සොරකම් කළ තරුණයාද අත්අඩංගුවට ගත් බවයි.