විරෝධතාවය උණුසුම් වෙයි - විරෝධතාකරුවන්ට පොලිසියෙන් ජල ප්‍රහාර..(VIDEO)

By Sewvandhi Jan 15, 2023 10:22 AM GMT
Report

යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පැවැත්වූ විරෝධතාවයකට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිට පාගමින් විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට යෑමට උත්සාහ දරා ඇති අතර, එහිදී පොලීසිය විසින් අරසඩි හන්දිය ප්‍රදේශයේ දී විරෝධතාවය නවත්වා ඇත.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර ද එල්ල කර තිබේ. 

 තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද යාපනයට ගොස් සිටී.

(වීඩියෝ - අද දෙරණ)