පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුට අධිකරණය දුන් තීන්දුව..

Sri Lanka Police Jaffna Attempted Murder Sri Lanka
By Aruna Apr 26, 2023 07:45 AM GMT
Report

යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මැයි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අත්අඩංගුවට ගත් සැකකරු පොලීසිය විසින් කයිට්ස් මහේස්ත්‍රාත් ජේ.ගජනිදිබාලන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුවයි.

අදාළ පුද්ගලයින් පස්දෙනා(5) නිවස තුළ කපා කොටා ඝාතනය කර තිබියදී පොලීසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 22 වනදා උදැසන කාලයේදීයි.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ තාවකාලිකව මෙරටට පැමිණ සිටි ලන්ඩන් පදිංචිකාරියක් ඇතුළු කාන්තාවක් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

වයස අවුරුදු 100 ක් වන කාන්තාවක් සිද්ධියෙන් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකරු විසින් මියගිය පුද්ගලයින් සතුව තිබු රන් භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් ඝාතනයන් සිදුකර ඇති බවයි.

එමෙන්ම සැකකරු කලක් ජර්මනියේ රැදී සිට ඇති බවත්, අනතුරුව මෙරටට පිටුවහල් කළ පුද්ගලයෙකු වන බවට තොරතුරු වාර්තා වූ බවත් පොලීසිය සදහන් කළා.

සිද්ධියෙන් මියගිය දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද මුලතිව් ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිත බවත්, සෙසු තිදෙනාගේ අවසන් කටයුතු හෙට(27) යාපනය ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිත බවත් අප වාර්තාකරු පැවසුවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
join now