අත්භූත වස්තූන් ගැන ඇහෙන යාපනේ මුහුදු වෙරළේ මේ පාර මොකක්ද දන්නව ද වෙලා තියෙන්නේ?.

Sri Lanka Police Jaffna Sri Lanka Police Investigation Latest Headlines
By krishani Jan 07, 2024 10:50 AM GMT
Report

මේ දිනවල යාපනය මුහුදු තීරයට එක එක, විවිධාකාර වස්තූන් වැඩි වශයෙන් ගොඩ ගසනු දකින්න පුලුවන්.

අත්භූත වස්තූන් ගැන ඇහෙන යාපනේ මුහුදු වෙරළේ මේ පාර මොකක්ද දන්නව ද වෙලා තියෙන්නේ?. | Jaffna Beach

ඒත් සමගම ආරංචි වුණ තවත් සිදුවීමක් ඊයේ (06) වාර්තා වුණා.

ඒ යාපනයේ වඩමරච්චි මුහුදු වෙරළෙහියි.

ඒ තමයි බෝට්ටුවක් ගොඩ ගසා තිබෙනු දක්නට ලැබීමයි.

පොලිසිය සඳහන් කළේ මෙම ගොඩ ගසා ඇති බෝට්ටුවේ අයිතිකරුවකු නොමැති බවයි.

එමෙන්ම, මෙම බෝට්ටුව සම්බන්ධයෙන් නාවික හමුදාව හා යාපනයේ මරදන්කේණී පොලිසිය පරීක්ෂණ සිදු කරමින් පවතී.

පොලීසිය පැවසුවේ මෙම සැකකටයුතු බෝට්ටුවෙන් කිසියම් සැකකටයුතු පිරිසක් හෝ නීති විරෝධී ජාවාරමක් සිදුවන්නට ඇති බවයි.

අත්භූත වස්තූන් ගැන ඇහෙන යාපනේ මුහුදු වෙරළේ මේ පාර මොකක්ද දන්නව ද වෙලා තියෙන්නේ?. | Jaffna Beach

එමෙන්ම, බෝට්ටුව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

කෙසේ වෙතත්, බෝට්ටුවේ සදහන් ව ඇති නම හා අංකය ඉතා පැහදිලි ලෙස සටහන් කොට නොතිබීම නිසා එම බෝට්ටුව කුමන රටකට අයත් බෝට්ටුවක්දැයි නිගමනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව මරදන්කේණී පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

Sponsored By Sarrita Jewellery

අත්භූත වස්තූන් ගැන ඇහෙන යාපනේ මුහුදු වෙරළේ මේ පාර මොකක්ද දන්නව ද වෙලා තියෙන්නේ?. | Jaffna Beach