ඉන්ධන හල් කලින්ම වසා දමන්න තීරණය කරයි..මෙවැනි තීරණයක් ගන්න හේතුව මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Fuel Price In World
By Aruna Dec 27, 2023 05:20 AM GMT
Report

ඉන්ධන හල්වල ඉන්ධන තොග අවශ්‍ය තරම් පැවතියත් ඉන්ධන අලෙවිය අඩු වී ඇතැයි ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රධාන පුවත් පතකට ඊයේ (26 දා) පවසා තිබේ.

මෙයට හේතුව වී ඇත්තේ, ඉන්ධන හල්වල ඉන්ධන අලෙවිය අඩුවීමත් විදුලි බිල වැඩිවීමත් නිසා බොහෝ ඉන්ධන හල් රාත්‍රී 9.00 හෝ 10.00 වනවිට වසා දමන තත්ත්වයක් පැවතීමයි.

වෙනත් වර්ෂවලදී උත්සව සමය තුළ ඉන්ධන හල් අලුයම , හෝ 2.00 දක්වා විවෘත තබා ගෙන සිටියත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ සේවක වැටුප්, අතිකාල ගෙවීම වැනි කටයුතු සඳහා වැඩිපුර ගෙවීම සිදු කිරීමට අපොහොසත් වීම නිසා ඉන්ධන හල් හිමියන් එසේ සිදුකරන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

ළගදීම ඉන්ධන මිලට වෙන්න යන දේ මෙන්න..

ළගදීම ඉන්ධන මිලට වෙන්න යන දේ මෙන්න..