ගංවතුරේ සිරි නැරඹීමට ගිය විස්සකට නොසිතූ ඇබැද්දියක්..

Sri Lanka Death Weather Floods In Sri Lanka
By Piyumika Jun 04, 2024 02:16 AM GMT
Report

ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

අද සිට දිවයින පුරා කාලගුණයේ වෙනසක්..ජනතාවට දැනුම්දීමක්..

අද සිට දිවයින පුරා කාලගුණයේ වෙනසක්..ජනතාවට දැනුම්දීමක්..

මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි ලොකු සිංහාරච්චිගේ දමිත් කුමාර නැමැත්තෙකි.

ගංවතුරේ සිරි නැරඹීමට ගිය විස්සකට නොසිතූ ඇබැද්දියක්.. | It Costs 20 Karans To Have Fun In The Flood

ජගත් පරිසර දින සැමරුම සඳහා වෙන් කළ මුදල් විපතට පත් ජනතාව වෙනුවෙන්...

ජගත් පරිසර දින සැමරුම සඳහා වෙන් කළ මුදල් විපතට පත් ජනතාව වෙනුවෙන්...

ඔහු ඊයේ (03) දින සවස විසි දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග ගංවතුර සිරි නැරඹීමට බෝට්ටුවක ගමන් කර ඇත.

කණ්ඩායම ගමන් කළ බෝට්ටුව මියගිය තරුණයා විසින් පදවා ඇති අතර ඔහු රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටි තිබෙන අතර බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සැර වැදී බෝට්ටුව තුළම වැටී ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි පොලිසිය පවසා සිටියේ .