මම ඉපදෙනකොට මගේ තාත්තා මේ ලෝකේ දාලා ගිහින්, ඒ නිසා මම කවදාවත් තාත්තව දැකලා නැහැ-ඉසුරින්දී පියසේකර (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 09, 2023 06:30 PM GMT
Report

මම ඉපදෙනකොට මගේ තාත්තා මේ ලෝකේ දාලා ගිහින්, ඒ නිසා මම කවදාවත් තාත්තව දැකලා නැහැ-ඉසුරින්දී පියසේකර මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ යෙහානිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉසුරින්දී පියසේකර කියලා කියන්නේ.

ඒ වගේම ඇය දක්ෂ ගායන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයගේ චරිතය තිරයට ආ දවසේ ඉඳලාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්, ආදරයක් ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම කියාදෙන්න ආදරේ තරම් කියන්නේ ඇයගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය කලාවට ඇවිත් මේ වෙනකොට අවුරුදු 13 ක් වෙනවාලු. ඉතින් ළමා නිවේදිකාවක් සහ ළමා ගායිකාවක් විදිහට අවුරුදු 10 දි තමයි ඇය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඒ සිරස ටී.වී. නෙළුම් විල වැඩසටහන හරහා.

ඒ වගේම පසුකාලීනව ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට මාධ්‍ය ආයතන කිපයකම වැඩ කරළා තියෙනවා. ඒ වගේම ඇය මේ වෙද්දි මාස් හෝල්ඩිං ආයතනයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා. ඉතින් ආයතනය පැත්තෙන් ඇයගේ රංගන කටයුතු කරගෙන යන්න විශාල සහයෝගයක් ලබා දෙනවා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇය විශාරද වෙනතුරු සංගීතය ඉගෙනගෙන තියෙනවා. ඉතින් අවුරුදු 15 දි තමයි ඇය විශාරද විභාගය සමත් වෙලා තියෙන්නේ. ඒ වගේම ඇයගේ පවුලේ ඇයට දැන් ඉන්නේ අම්මයි, අක්කයි විතරයි. මොකද ඇයගේ තාත්තා ජීවතුන් අතර නැහැ.

ඉතින් ඇය ඇයගේ තාත්තාව දැකලා තියෙන්නේ ඡායාරූපයකින් විතරයිලු. ඒ වගේම තාත්තාගේ මරණය සහ ඇයගේ උපත සිදුවෙන්නේ එකම අවුරුද්දේ කියලත් ඇය කියනවා. ඇයගේ තාත්තා හිටපු යුද හමුදා නිලධාරියෙක්. ඉතින් ජයසිකුරු මෙහෙයුමේදී රට වෙනුවෙන් ඇයගේ තාත්තා දිවි පිදුවා. ඒ නිසා තාත්තා ඇයවත් ඇය තාත්තාවත් කවදාවත් දැකලා නැහැ. ඉතින් තාත්තා නැතිවෙලා මාස තුනකින් මෙලොව එළිය දැකපු ඇයව රකින්න, මේ තරමට උස් මහත් කරන්න ඇයගේ අම්මා ගොඩාක් කැපකිරීම් කළා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ අම්මා ඇයටවත් ඇයගේ අක්කාටවත් තාත්තා නැති අඩුව කවදාවත් දැනෙන්න දීලා නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery